පුණ්‍ය කාලය
2025.04.13 20:57
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.570 පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 03.21 සිට 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම්, ගනු දෙනු කිරීම හා ආහර අනුභවය ආදී නැකත් වාත්‍ර විධි ඉටු කිරීම මැනවි.
අහාර පිසීම
2025.04.14 04:04
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 04.04 තඹ වස්ත්‍රාහරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
2025.04.14 06:44
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 මුතු හා ශ්වේතවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවේ.
හිසතෙල් ගෑම
2025.04.16 09:04
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 09.04 පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් හා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
2025.04.17 09:03
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09.03 රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීම
2025.04.18 10:16
00
දින
00
පැය
00
මිනිත්තු
00
තත්පර
අප්‍රේල් මස 18 වැනි සිකුරාදා දින පූර්වභාග 10.16 විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණය සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි
🎉
🪅
🎊
🥥
🎋
🏮